ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාI
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ත් 18ත් අතර දරුවන්ගෙන් 28%ක් කුමන හෝ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වී ඇති බවට සමීක්ෂණයකින් අනාවරණ වී ඇතැයි මහනුවර ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ ගිහාන් අබේවර්ධන සඳහන් කරයි.
ඇතැම් ඖෂධහල් හිමියන් වෛද්‍ය වට්ටෝරුවකින් තොරව මත්විය හැකි ඖෂධවර්ග වැඩි මිලට අලෙවි කරන අතර පාසල් දරුවන් පෙති, කරල් වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙරට හෙරොයින් භාවිත කරන පිරිස ලක්ෂයක් පමණ වන බවට වාර්තා වී ඇති නමුදු එම සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් ඒවා භාවිත කරති. ඒ අනුව ඉදිරි කාලයේ හොරොයින් අධි මාත්‍රා ගැනීම නිසා ඇතිවිය හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් ඇතැයි. වෛද්‍යවරයා සඳහන් කළේය..
වාර්තා වන අන්දමට 6000ක පමණ පිරිසක් එන්නත් මගින් හෙරොයින් භාවිත කරති. ඔවුන්ගෙන් වැඩි පිරිසක් හෙපටයිටිස් සී වැනි ආසාදන තත්ත්වයට පත්ව ඇති අතර තවත් පිරිසක් එච්අයිවී ඒඩ්ස් රෝගයට ගොදුරු වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
එමෙන්ම මත්වීම සඳහා වේදනා නාශක ඖෂධ අධි මාත්‍රවෙන් භාවිත කිරීමට ඇතැම් රෝහල් කාර්ය මණ්ඩල ඇබ්බැහි වී සිටීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඇති ඖෂධ වර්ග විශාල ලෙස අවභාවිත වන බවද එය රෝහල් පරිපාලනයට විශාල ගැටලුවක් බවද ඔහු සඳහන් කළේය.