2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

මුලතිව් විනිසුරු අස්වීම මෙතෙක් පිළිගෙන නෑ: කොමිසමෙන් - පොලීසියෙන් පරීක්ෂණ 02ක්

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

අධිකරණ වාර්තාකරු I

ජීවිත තර්ජන නිසා හටගත් ආතතිය හේතුවෙන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් කළ මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාගේ අස්වීමේ ලිපිය අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිසම මෙතෙක් පිළිගෙන නැතැයි අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් මෙම ලිපියේ සඳහන් කර ඇති චෝදනා සම්බන්ධව අධිකරණ සේවා කොමිසමෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවද දේශයට වාර්තා වෙයි. ඒ අතර මහේස්ත්‍රාත් සරවනරාජා මහතාට එල්ල වූවා යැයි කියන ජීවිත තර්ජන ගැන පොලිස් විමර්ශනයක් පවත්වා ඒ ගැන වාර්තාවක් සපයන ලෙස අධිකරණ සේවා කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවද සඳහන්ය.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01