ව්‍යාපාරික වාර්තාකරු I
සුරාබදු දෙපාර්තමේන්තුව සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්ක සම්පූර්ණ නොවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.
මේ සතියේ මුදල් අමාත්‍යංශයේදී රැස්වූ රජයේ මුදල් ප්‍රවාහ කමිටු රැස්වීමේදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මෙම දෝෂාරෝපණය සිදුකරන ලද බව දේශයට වාර්තා වෙයි.
මෙම රුස්වීමට පෙර මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මෙම වසරේ ආදායම් තත්ත්වය පිළිබඳ ලිඛිත වාර්තාවක් ඉල්ලා ඇතත් සුරාබදු දෙපාර්තමේන්තුව එම වාර්තාව ලබාදී නොතිබූ බවද වැඩිදුරටත් වාර්තා විය. මෙම දෝෂාරෝපණයට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පිළිතුරු දී නොමැති අතර ඒ සමඟ මුදල් ලේකම්වරයා රුස්වීමෙන් පිටව ගොස් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
පසුගියදා වාර දෙකක්ම විශාල ලෙස සුරාබදු ඉහළ දැමීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම විශාල ලෙස පහත වැටී ඇති බවද දැනගන්නට තිබේ.