දේශපාලන වාර්තාකරු I
නැගෙනහිර පළාතේ ප්‍රබල මුස්ලිම් පක්ෂ නායකයකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා සැලසුම් කරමින් සිටින බව දේශයට වාර්තා වෙයි. දේශයට ලැබුණ තොරතුරු අනුව මෙලෙස ජනපතිවරණයට පැමිණීමට අපේක්ෂා කරන්නේ දැනටත් ක්‍රියාකාරී දේශපාලනයේ නියුතු පක්ෂ නායකයෙකි.
මේ සඳහා දැනට මූලික සාකච්ඡා ආරම්භ කර තිබේ. ඊට අදාළ අවසන් තීරණය ඉදිරි දෙසතිය තුළ ගනු ලබන බව මේ සම්බන්ධෆයන් දේශයට කරුණු දැක්වූ එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. මේ අපේක්ෂකයා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට ජාත්‍යන්තර ආධාර ලබාගැනීමේ සැලසුමක්ද ඇති බව අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.