I ගයාන් ගාල්ලගේ
විදුලි බිල 22% කින් හෝ විදුලි ඒකකය රුපියල් 8කින් වැඩි කිරීම හැර වෙන විකල්පයක් නොමැති බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා දේශයට පැවසීය.
විදුලි බිල වැඩි කිරීමෙන් පසුව 14% කින් නැවත බිල අඩු කළ බවත් එය ඒ මොහොතේ නොකළ යුතු දෙයක්ව තිබුණු බවත් එසේ නම් අද වනවිට විදුලිය වැඩිවන්නේ 8% කින් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් නැවත ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනය සිදුකළ යුතු වුවත් එය සිදු නොකර සිටීමට දැනටමත් සාකච්ඡා කරමින් පවතින බව පතිරගේ මහතා සඳහන් කළේය.