2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

බෙහෙත්වලට මිල සූත්‍රයක් එපා

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 15

සුගත් පී. කුලතුංගආරච්චිI

ඖෂධ මිල තීන්දු කිරීම සඳහා ඖෂධ නියාමන අධිකාරිය යටතේ දැනටමත් අනු කමිටුවක් ක්‍රියාත්මක බවත් එනිසා දැන් කළ යුත්තේ නව මිල සූත්‍ර හඳුන්වාදීමක් නොව එම කමිටුව නිසි පරිදි බලාත්මක කර එහි ක්‍රියාකාරකම් විනිවිදභාවයෙන් පවත්වාගෙන යාමට අවස්ථාව ලබාදීම යැයි නව මිල සුත්‍රයක් හඳුන්වාදීමට යාම පිළිබඳව දේශය කළ විමසුමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවැසුවේය.   

මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 65කට ආසන්න ගණනකට මිල පාලනයක් පනවා ඇති අතර සිදු කළ යුතුව ඇත්තේ ඉතිරි අත්‍යවශ්‍ය ඖෂධ 1600 ගණන සඳහා මිල පාලනයක් කළ හැකි අන්දමේ නියාමන ක්‍රමවේදයක් බලාත්මක කිරීම බව ඔහු පෙන්වා දෙයි. එම නියාමනය මිල සූත්‍රයක්ද වෙනත් ක්‍රමයක්ද යන්න නොව එහි නිසි ප්‍රතිපල ජනතාව වෙත ලැබෙන්නක්ද යන්න වඩා වැදගත් බව ඔහු කියයි.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01