ආරක්ෂක වාර්තාකරු I
රුපියල් මිලියන 5ක (ලක්ෂ 50ක) වත්කම් සහ දේපළ වටිනාකම් ඇතුළත් කර තුවක්කු (ගිනිඅවි) ලබාගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට අයැදුම්පත් ඉදිරිපත් කළ විට එම වත්කම් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යොමුකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීන්දු කර ඇත.
ඒ ආකාරයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගිනිඅවි බලපත් ඉල්ලන්නන්ගේ වත්කම් පිළිබඳ වාර්තා සැපයෙන්නේ ඔවුන් සිය වත්කම් ප්‍රකාරව රජයට බදු ගෙවන්නේදැයි විමර්ශනය සඳහා බවද වාර්තා වෙයි.
පොලිස්පතිවරයාගේ 2023-10-03 දිනැති විශේෂ චක්‍රලේඛනයක් මගින් මෙයට අදාළ නියෝගය පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත දැනුම් දී තිබේ. ඒ සමඟ අදාළ වාර්තා සකස් කිරීමට අවශ්‍ය ආකෘති පත්‍රයක් ද යවා ඇත.