2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

දූෂණ විරෝධී පනතේ දෝෂ මකන්න විපක්ෂ සහාය - සජිත් ප්‍රේමදාස

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

දේශපාලන වාර්තාකරු I

පසුගියදා සම්මත කරන ලද නව දූෂණ විරෝධී පනතේ පවත්නා පරිවර්තන දෝෂ ඉවත් කොට සංශෝධනය කරන්නේ නම් ඒ සඳහා විපක්ෂය ඍජුවම සහාය පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනුම් දුන්නේය.

ගිය සතියේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද කැඳවා තිබිණි. ඒ නව දූෂණ විරෝධී පනතේ පවත්නා දෝෂ සම්බන්ධව සාකච්ඡා කිරීමටයි. මේ අවස්ථාවේ කතානායකවරයා ව්‍යවස්ථා සභාව වෙත වත්මන් අල්ලස් දූෂණ කොමිසම විසින් යොමුකරන ලද විශේෂ ලිපියක් ඉදිරිපත් කරනු ලැබීය. එමගින් සම්මත කරන ලද දූෂණ විරෝධී පනතේ පවත්නා මූලික දෝෂ පිළිබඳව කරුණු දක්වා තිබිණි.

අනතුරුව අමාත්‍ය රාජපක්ෂ මහතා පනතේ දෝෂ ඉවත් කරන බවට ප්‍රතිඥාවක් ලබාදුනි. ඒ සමඟ නව අල්ලස් දූෂණ කොමිසමක් පත්කිරීමට අයැදුම්පත් කැඳවීමට තීන්දු කෙරිණි. එලෙස අයැදුම්පත් කැඳවුවද නව කොමිසම සඳහා සාමාජිකයන් පත් කරන්නේ පනත සංශෝධනය කිරීමෙන් පසුව බවටද තීන්දුවක් ගනු ලැබීය.

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01