2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

පොලිස්පතිට සේවා දිගුවක් ලැබේ

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

ආරක්ෂක වාර්තාකරු I

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට තවත් මාසයක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ලබා දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. එයට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලය විසින් දැනටමත් සකස් කර ඇති අතර පසුගිය සිකුරාදා සිට බලපවත්වන ලෙස ඔහුගේ මාස 3 ක සේවා දිගුව ක්‍රියාත්මක වන බව සඳහන්ය.