දේශපාලන වාර්තාකරු I
රජය අලුතින් සම්මත කරන ලද මහ බැංකු පනත අනුව රටේ උද්ධමනය ප්‍රතිශතය සහ එහි ඉලක්ක (සීමාවන්) පිළිබඳ අවසන් තීරණය ගැනීමේ වගකීම අමාත්‍ය මණ්ඩලයට පවරා දී තිබේ.
උද්ධමන ඉලක්ක (බඩු මිල ඉහළ යාමේ වේගය පිළිබඳ ඉලක්ක) තීන්දු කිරීම අමාත්‍ය මණ්ඩලයට පවරා ඇත්තේ ඉතිහාසයේ පළමුවරටය. මෙතෙක් එම කටයුත්ත සිදු කළේ රටේ භාණ්ඩ මිල ඉහළ යාමේ වේගය අධ්‍යයනය කළ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි.
නව මහ බැංකු පනතේ 26 වැනි වගන්තිය අනුව උද්ධමන ඉලක්ක ඇතුළත් මුදල් ප්‍රතිපත්ති පිළිබඳ ගිවිසුමකට මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකුව අත්සන් තැබිය යුතුය. එවන් ගිවිසුමකට එළැඹීමට අමාත්‍යවරයාට සහ මහ බැංකුවට නොහැකි වන අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා උද්ධමන ඉලක්කවලට අදාළ තමන්ගේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය. අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් මහ බැංකුව ළඟා කරගත යුතු උද්ධමන ඉලක්ක කුමක්දැයි තීන්දු කළ යුතු බව මහ බැංකු පනතේ සඳහන්ය.