I යසවර්ධන රුද්රිගු
බොරැල්ල ආයුර්වේද ආරෝග්‍ය ශාලාවේ අලුතින් ගොඩනගා ඇති තට්ටු 7ක් වූ ගොඩනැගිල්ලේ දැනට ක්‍රියාත්මකව පවතින්නේ රෝගී වාට්ටු 4ක් පමණක් බව ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් ධම්මික ලොකුගමගේ දේශයට පැවසීය. මෙහි දැනට රෝගීන් සඳහා ඇඳන් 60ක් ඇති අතර නේවාසික රෝගීන් සංඛ්‍යාවද 50ක් පමණ වෙයි.
ගොඩනැගිලි සංකීර්ණ හතරක් ඉවත් කර මෙම අලුත් ගොඩනැගිල්ල තැනූ අතර කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට නිසි පරිදි මුදල් ප්‍රතිපාදන නොලැබීම නිසා ඉදිකර ඇති ගොඩනැගිල්ලද අසම්පූර්ණ බව ඔහු කියයි.
මුදල් ප්‍රතිපාදන නොලැබීම නිසා යටිතල පහසුකම් සම්පූර්ණ කර නොමැති අතර, රෝගීන්ට අවශ්‍ය ඇඳන්, අල්මාරි, කබඩ්, පුටු, රාක්ක ආදී කිසිදු භාණ්ඩයක් ලබා දී නොමැත. එසේම රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යද නොමැති අතර ආහාරපාන ආදියද අඩුපාඩු සහිතය.
මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බොරුල්ලේ ආයුර්වේද රෝහලට කුඩම්මාගේ සැලකිලි දක්වන අතර අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන්නේ සියයට 99-1 අනුපාතයට බව ලේකම්වරයා පැවසීය. අවශ්‍ය අඩුපාඩු විවිධ ස්වේච්ඡා සංවිධානවලින් ලබාගැනීමට වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි සේ වෙහෙසෙන අතර එසේ සිදු නොවුණා නම් මේ වනවිට මෙම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් වසා දැමීමට පවා සිදුවිය හැකි යැයි ඔහු කීවේය.