2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

රටේ වැඩිම ඉල්ලුම වේදනා නාශකවලට

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

සුගත් පී. කුලතුංගආරච්චි I

ඖෂධ වෙළඳපොළ පෞද්ගලික සංගණන වෙබ් අඩවියක් වන Statista වාර්තාවකට අනුව 2022-2023 වසර තුළ මෙරට වැඩිම අලෙවියක් සිදු කර ඇත්තේ වේදනා නාශක ඖෂධය. එම ඖෂධවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 71.63 කි.

දෙවැනි තැනට ඩොලර් මිලියන 70.47 ක වැඩිම අලෙවියක් සිදුව ඇත්තේ කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යා ඖෂධයන්ය. තෙවැනි තැනට ඩොලර් මිලියන 34.77ක් වූ වැඩිම අලෙවිය ඇත්තේ විටමින් සහ ඛනිජ ලවණ අන්තර්ගත ඖෂධ සඳහාය.

ශ්‍රී ලංකාවේ සිල්ලර ඖෂධ වෙළෙඳපොළ ආදායම 2023 වසර තුළ මේ වනවිට ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 269.50 ක් බව එම සංගණනය අනුව වාර්තා වේ. මෙම වෙළෙඳපොළ වාර්ෂිකව 6.69% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.