2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

ඡන්ද ක්‍රමයේ වෙනසකට ඩලස් - උදය එකඟයි, රිෂාඩ් මනෝ විරුද්ධයි

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

ගයාන් ගාල්ලගේ I

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී නිදහස් පක්ෂ සභාගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ උත්තර ලංකා සභාගය නියෝජනය කරන පාර්ලිමේන්තු උදය ගම්මන්පිල යන මහත්වරුන් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා එකඟ වී තිබේ.

ඒ අතර දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත.

‍මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත්තේ ඡන්දයක් අබිමුව තිබියදී මෙවැනි සංශෝධන ගෙන ඒම ඡන්දය කල් දැමීමේ උප්පරවැට්ටියක් ලෙස ජනතාව සැක කළ හැකි බවය. එහෙත් මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නේ නම් මැතිවරණය පැවැත්වීමට මාස තුනකට පෙර එම ක්‍රමය වෙනස් කිරීමට නොහැකි වුවහොත් මැතිවරණය පැරණි මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය ලැබෙන පරිදි විශේෂ වගන්තියක් ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළ යුතු බවද මෙහිදී යෝජනා කර තිබේ. එවැන්නක් ඇතුළත් වනවා නම් තම පක්ෂය ඒ සම්බන්ධයෙන් සිතා බැලීමට කැමති බවත් සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම පක්ෂ නායක රුස්වීම සඳහා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් සහභාගි වී නැත.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01