සංජීවිකා සමරතුංග I
විදේශ රටවලින් ශ්‍රී ලංකාවට විවිධ නැව් පැමිණීමේදී පොදු ප්‍රතිපත්තියකට යටත්ව ක්‍රියා කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙරට වරායන් වෙත පැමිණිය හැකි නොහැකි නැව් ප්‍රමිතිගත කෙරෙන බව රජයේ ආරංචි මාර්ග කියයි.
පසුගිය කාලයේ චීනයට අයත් ආරක්ෂක හා පර් යේෂණ නෞකා ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධව ඉන්දීය රජය දිගින් දිගටම විරෝධය දක්වන්නට විය. ඒ අනුව මෙලෙස කල් තබා කෙරෙන ප්‍රමිතිගත කිරීමකින් පසුව මෙරටට විදේශ නෞකා පැමිණීම සම්බන්ධ පොදු ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
රජයේ මෙම තීරණය දැනටමත් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන චාරිකාවේදී චීනයටද ශ්‍රී ලංකාවේ තීන්දුව දැනුම් දුන් බව දැනගන්නට තිබේ.