ගයාන් ගාල්ලගේ I
පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණා දැමීම සඳහා රජය විසින් මිල ගණන් කැඳවීම ආරම්භ කර තිබේ. ඒ අනුව ටෙන්ඩර් කැඳවීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර ඊට අදාළ දැන්වීම් විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි දෙස් විදෙස් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල පළකිරීමට නියෝග කර ඇත.
එසේම මෙවර වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා ද ප්‍රචාරක කටයුතු කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව මේ වන විට බිලියන 300කට ආසන්න බව රජයේ ආරංචි මාර්ග පවසයි.