2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

ඩයනාගේ ගුටි කෙළිය: පරීක්ෂණ දෙකක්

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

 දේශපාලන වාර්තාකරු I

පාර්ලිමේන්තුවේදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය හා සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීන් අතර හටගත් ආරවුල ගැන පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බව දේශයට වාර්තා වෙයි.

ඉන් මූලික පරීක්ෂණය සිදුකෙරෙන්නේ කතානායකවරයා විසින් පත්කළ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුව විසිනි. දෙවැනි පරීක්ෂණය පැවැත්වෙන්නේ අදාළ මන්ත්‍රීන් විසින් මිරිහාන සහ වැලිකඩ පොලිසිවලට කරන ලද පැමිණිලි අනුවය.

පසුගියදා කතානායකවරයා විසින් පත්කළ පරීක්ෂණ කමිටුව ප්‍රථම වරට රුස්විය. එහිදී සිදු කළේ මෙම ආරවුල සම්බන්ධයෙන් වන වීඩියෝ පටය නරඹා සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වශයෙන් පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කමිටුව හමුවට කැඳවීමට තීන්දු කිරීමයි. අනතුරුව සිද්ධියට අදාළ මන්ත්‍රීන් තිදෙනා කැඳවීමට නියමිතය. එම සාක්ෂි මත පරීක්ෂණය මෙහෙයවීමටත් මැතිසබා ගෞරවයට හානිවන සේ යමකු හැසිරී ඇත්නම් එම මන්ත්‍රීවරයාට හෝ මන්ත්‍රීවරියට එරෙහිව දැඩි විනය පියවර නිර්දේශ කිරීමත් තීන්දු විය.

මෙදින පැවති මූලික පරීක්ෂණ කටයුතු සඳහා කමිටු සභාපති නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, මන්ත්‍රී චමල් රාජපක්ෂ, අමාත්‍ය රමේෂ් පතිරණ, මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සහ මන්ත්‍රී ඉමිටියාස් බකීර් මාකර් යන මහත්වරුද පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතාද සහභාගි වූහ.