2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

රට පැන්න පාතාලයෝ 30ක් කුඩු ජාවාරමේ

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

ගයාන් ගාල්ලගේ I

විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවන් 48 දෙනාගෙන් 30කට ආසන්න පිරිසක් ඍජුව සහ වක්‍රව මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

ඉන් ප්‍රධාන වශයෙන් පස්දෙනකු මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සඳහා ඍජුව සම්බන්ධ බවද අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් මෙම පිරිස සම්බන්ධයෙන් සාක් කලාපීය රටවල එකඟතාවය මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබේ. මේ සඳහා ඩුබායි රාජ්‍යයේ විශේෂ ඔත්තුකරුවන් කිහිප දෙනකුද යොදාගෙන ඇත.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01