2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

නිමල් ලංසා ජනපති හමුවෙයි

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

 දේශපාලන වාර්තාකරු I

ඉදිරි ජනාධිපතිවරණය ගැන සාකච්ඡා කිරීමට නිමල් ලංසා මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇතැයි දේශයට වාර්තා වෙයි. දැනට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමකට නායකත්වය දෙන නිමල් ලංසා මන්ත්‍රීවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති හමුවේදී ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීමට තීන්දු කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

නිමල් ලංසා මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් ඇති මන්ත්‍රී කණ්ඩායම සිය දේශපාලන කටයුතු සඳහා දැනටමත් ලිබරල් පක්ෂය අත්පත් කරගෙන ඇත. ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවද ප්‍රකාශ කර තිබේ.