2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

මේ මාසේ මැද සිට රට පුරා උද්ඝෝෂණ: බුද්ධි අංශ හෙළි කරයි

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 72

ගයාන් ගාල්ලගේ I

මේ මාසයේ මැද සිට දීපව්‍යාප්තව රට පුරා උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට ඇතැම් පක්ෂ සහ සංවිධාන වැඩ කටයුතු සිදු කරමින් සිටින බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

විදුලි ගාස්තුව ඉහළ දැමීම, ඉන්ධන මිල හා ගෑස් මිල ඉහළ යාම, ලබන වසරේ සිට වැඩිවන වැට් බද්ද, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම, සෞඛ්‍ය සේවයේ අඩුපාඩු, ගුරු සේවයේ ගැටලු, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ආදී ප්‍රශ්න රුසක් මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණ මාලා දියත් වන බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් රජයට ලබා දීමට නියමිත බවද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01