කටුනායක ටී.කේ.ජී. කපිල I
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පරිදි රාජ්‍ය ආයතන 88ක් ප්‍රතිව්‍යුහගත කිරීමේදී, එම ආයතන විදේශිකයන් අතට පත්වීමෙන් ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවිය හැකි අවදානම් සහගත තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ''ජනතා පොදු සමාගමක්'' පිහිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ජනක විජය පතිරත්න මහතා ඇතුළු පිරිසක් පියවර ගනිමින් සිටිති.
''Treasure Republic Guardians Limited'' නැමැති ජනතා පොදු සමාගම පිහිටුවීමේ සමාරම්භක උත්සවය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වනු ලැබීය.
මෙම සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ වාසය කරන සහ දැනට විදේශගතව සිටින රටට හිතැති දේශමාමක පුරවැසියන් හට මෙම සමාගමේ ප්‍රවර්ධකයන් විසින් විවෘත ආරාධනාවක්ද එහිදී සිදු කර තිබේ. මෙම අවස්ථාවට මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, බලංගොඩ කස්සප හිමි, නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ කල්‍යානන්ද තීරණාගම, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.