දේශපාලන වාර්තාකරු I
වසර 2020 වසරේදී රුපියල් කෝටි 170ක් (රුපියල් බිලියන 1.7) පාඩු ලැබූ ශ්‍රී ලංකා සීනි සමාගමට අයත් සෙවණගල සහ පැලවත්ත සීනි සමාගම් මේ වන විට රුපියල් කෝටි 760ක (බිලියන 7.6) දැවැන්ත ලාභයක් උපයා ඇතැයි දේශයට වාර්තා වෙයි. මෙයින් වැඩිම ලාභය ලබා ඇත්තේ පැලවත්ත සීනි සමාගමය. එම සමාගම දැනට ලබා ඇති ලාභය රුපියල් කෝටි 580 (රුපියල් බිලියන 5.8) කි. සෙවණගල සීනි සමාගම දැනට ලබා ඇති ලාභය රුපියල් කෝටි 180 (රුපියල් බිලියන 1.8) කි.
පසුගිය කාලයේ පිටරටින් එතනෝල් ආනයනය කිරීම තහනම් කර ශ්‍රී ලංකාවේ සීනි කම්හල්වලින්ම එතනෝල් මිලට ගත යුතු බවට මත්පැන් නිෂ්පාදන සමාගම්වලට නියම කිරීමෙන් පසු මෙලෙස සීනි සමාගම් විශාල ලාභයක් ලබන්නට විය. එබැවින් මෙම සමාගම් නැවතත් පෞද්ගලික ආයෝජනයට පැවරීම අසාධාරණ බව එහි සේවක සංගම් ප්‍රකාශ කරයි.