2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

රට ඉඳන් පොලිසියට තග දාන පාතාලයන්ගේ දේපළ තහනම්

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 45

ගයාන් ගාල්ලගේ I

විදෙස් රටවල සැඟවී පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන සිදු කරන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සියලු දේපළ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් පොලිසිය අවධානය යොමුකරමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සහ නිදහසේ රාජකාරිය කරගෙන යාමට මෙම අපරාධකරුවන් බාධාවක් වී ඇති බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පවා අපහසු නිසා මෙලෙස දේපළ සම්බන්ධයෙන් තීන්දු ගැනීමට හැකියාවක් ඇතිද යන්න සොයා බලන බව සඳහන් වේ.

කෙසේ වෙතත් මෙවැනි අපරාධකරුවන් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය දැඩිව අවධානය යොමුකර තිබේ.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01