සමන්ත ප්‍රදීප් විල්තෙර I
වෙළෙඳපොළේ දෙහි සහ ඉඟරු මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. මේ දිනවල දෙහි කිලෝවක් රු.2800 හා ඉඟුරු කිලෝවක් සිල්ලර මිල රු.3000 සිල්ලර මිලකට අලෙවි කෙරෙන බව දඹුල්ල සී/ස සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සමිතියේ ලේකම් අයි.ජී. විජේනන්ද මහතා දේශයට පැවසීය.
පැවති නියඟයත් සමඟ දැන් දෙහි අවාරය බැවින්ද ඉකුත් සමයේ ඉඟුරු මිල රු.200ක් තරම් අඩු මට්ටමක පැවතීම නිසා ගොවීන් බහුතරයක් ඉඟුරු වගා නොකිරීම නිසාද දෙහි සහ ඉඟුරු මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව සී/ස සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සමිතිය වැඩිදුරටත් පෙන්වා දෙයි. දෙහි සහ ඉඟුරුවල නිසි අස්වැන්න වෙළෙඳපොළට ලැබෙන තුරු මෙම ඉහළ මිල ගණන් පවතිනු ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග වාර්තා කළේය.