අධිකරණ වාර්තාකරු I
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ ඇතුළු තවත් දෙදෙනෙක් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මගින් සිකුරාදා (10) සවස අත්අඩංගුවට ගනු ලැබූහ. පෞද්ගලික ආයතනයකට කිසියම් බලපත්‍රයක් ලබාදීමේදී රුපියල් මිලියන 10 ක අල්ලසක් ලබාගනිද්දී මේ තිදෙනා අත්අඩංගුවට පත්වූ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. මේ අය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරී කාර්යාලයේදී සහ රාජගිරියේ ස්ථානයකදී බවද කියති.