2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

මහ වැසි ජීවිත 07ක් බිලිගනී

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

කුසුම්සිරි විජයවර්ධන I

මේ වන විට අධික වැසි තත්ත්වය නිසා ඇතිවූ නායයාම් සහ ගංවතුර ආදී හේතු නිසා හත් දෙනකු මරණයට පත්වී ඇති බවත් ඒ අතරින් විශාලම ඛේදවාචකය බලංගොඩ ගවරන්හේන බඹරගල කන්දේ නාය යාම බවත් එහිදී සිව් දෙනකු මරණයට පත්වූ වගත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් දේශයට පැවසීය.

ඊට අමතරව රත්නපුරේ තවත් එක් අයෙක් මියගොස් ඇති අතර ගාල්ලේ එක් අයෙක් සහ මහනුවරින් එක් අයෙක් ද මියගොස් ඇති බව ඔහු කීවේය.

පසුගිය වැසි කාලයේ වාර්තා වූ ආපදාවලට සම්බන්ධ සමස්ත සිද්ධින් ප්‍රමාණය 996 කි. ඉන් වැඩිම ආපදා සිදුවීම් ප්‍රමාණය වූ 321 වාර්තා වුණේ මාතර දිස්ත්‍රික්කයෙනි. එසේම කෑගල්ලෙන් සිද්ධී 221ක් වාර්තා වූ බවත් භු විද්‍යාඥවරයා වැඩිදුරටත් පැවසුවේය. ඔහු තවදුරටත් කීවේ වැසි තත්ත්ව වැඩි වුවහොත් ඉදිරියේදී තවත් ආපදා සිද්ධි හටගැනීමේ හැකියාවක් පවතින බවයි. මේ නිසා ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටින්නේ ආපදා නිවේදන ගැන අවධානයෙන් සිටින ලෙසයි.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01