සංජීවිකා සමරතුංග I
ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විවිධ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස රාජ්‍ය ආයතනවලට ලබා දෙන ලද නියෝගවලින් බහුතරයක් එම රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කර නැතැයි දේශයට වාර්තා වෙයි. 2022 වසරේ (පසුගිය වසරේ) මානව හිමිකම් කොමිසම එලෙස රාජ්‍ය ආයතන වෙත ලබාදුන් නියෝග 72කින් 66ක්ම ක්‍රියාත්මක කර නැත.
එය සමස්ත නියෝගවල ප්‍රතිශතයක් ලෙස ගත් කල 91% කි. ඊට පෙර 2021 වසරේ මානව හිමිකම් කොමිසම ඒ ආකාරයෙන්ම රාජ්‍ය ආයතන වෙත ලබාදුන් නියෝග 88කින් 59ක් හෙවත් 67% ක් කිසිදු රාජ්‍ය ආයතනයක් විසින් ක්‍රියාත්මක කර නැත.
එබැවින් වහාම මානව හිමිකම් කොමිසම මෙම තත්ත්වය වැළැක්වීමට දැඩි අවධානය යොමුකර පියවර ගත යුතු බව මේ ගැන විමර්ශනය කොට පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ රාජ්‍ය ගිණුම්කාරක සභාව නිර්දේශ කර ඇත.