2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

විනය කඩකරන මැති ඇමැතින් අධිකරණයට? - කතානායක

2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:0041

දේශපාලන වාර්තාකරු I

මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ විනය කඩකරන මැති ඇමැතින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දේශයට පැවසීය.

පවත්නා නීතිමය තත්ත්වය අනුව දැඩි විනය කඩකිරීමකදී අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පවා හැකියාවක් ඇතැයි ද කතානායකවරයා වැඩිදුරටත් කීය.

යම් විනය කඩකිරීමකදී ඒ සම්බන්ධයෙන් සම්මත කෙරෙන මැතිසබා යෝජනාවක් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමුකර පරීක්ෂා කොට නීතිපති උපදෙස් මත අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාමට නීතිමය අවසරය ඇති බවද හෙතෙම සඳහන් කළේය.