යසවර්ධන රුද්රිගූ I
2024 වසරේදී රජය වක්‍ර බදුවලින් සියයට 72ක අතිරේක ආදායමක් අපේක්ෂා කරන නිසා එම ප්‍රමාණයටම රටේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම නොවැළැක්විය හැකි බව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා දේශයට පැවසීය.
ලබන වසරේදී අයවැය ලේඛනය අනුව රජය රුපියල් කෝටි 122400ක (බිලියන 1224) අතිරේක ආදායමක් බලාපොරොත්තු වන අතර එයින් සියයට 72ක් වැට් බදු සහ වෙනත් අතිරේක බදු වෙයි. අපේ රටේ සිරිතක් වශයෙන් භාණ්ඩ හා සේවාවලට බදු ගැසූ විට එම බද්ද සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට වෙළෙඳුන් කටයුතු කරනු ඇත. ඒ අනුව මෙම සියයට 72 වක්‍ර බද්ද පාරිභෝගිකයාට විතැන්වීම නොවැළැක්විය හැකි බව ඔහු කියයි.
ඒ නිසා සහල්, පිටි, සීනි, පරිප්පු, අල, ලූනු ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 72කින් ඉහළ යාම නිසා සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටෙන අතර උද්ධමනය ද ඉහළ යාමට හේතු වන බව හෙතෙම පෙන්වා දෙයි.