ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 28 වැනි සමුළුව (COP 28) 2023 නොවැම්බර් 30දා සිට දෙසැම්බර් 12 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අතර එයට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිසක් සහභාගී වී සිටිති.
උතුරු සහ දකුණු කලාපීය රටවල් අතර සහයෝගීතාව සහ බලශක්ති සංක්‍රාන්තිය කෙරෙහි අවධානය යොමුකිරීම මෙවර සමුළුවේ අරමුණ බව සභාපතිත්වය දරන එමිරේට්ස් රාජ්‍ය ප්‍රකාශ කර තිබේ.
මෙම සමුළුවට රාජ්‍ය නායකයන්, පරිසරවේදීන් සහ විද්වතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වන අතර ශ්‍රී ලංකාවද යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව ඇතුළු ආපදාවන්ට මුහුණදෙන රටවල් සියල්ල ඒකරාශී වී කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කිරීමටත්, පරිසර දූෂණය අවම කිරීම සහ පරිවර්තනයන් සිදුකිරීම සඳහා අවශ්‍ය ආයෝජනය ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් ලබාගැනීම සඳහා මැදිහත්වීම එක් යෝජනාවකි. දේශගුණික විපර්යාස අවම කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම, එකිනෙකා සතුව තිබෙන අදහස් හා යෝජනා හුවමාරු කිරීම මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව තුළින් අවශ්‍ය ආයෝජනයන් ලබාගැනීම සඳහා දේශගුණික යුක්ති සංසදය පිහිටුවීම ද දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම අනෙක් යෝජනා වේ.