2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

දිනපතා දුරුවන් 740ක් ඒඩ්ස් බිල්ලට!

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

සුගත් පී. කුලතුංගආරච්චි I

ලෝකය පුරා ඒඩ්ස් ආසාදිතයන් මිලියන 39කට වැඩි පිරිසක් වාර්තා වන බව කියන යුනිසෙෆ් ආයතනය ඉන් මිලියන 2.58ක්ම වයස අවුරුදු 19ට අඩු දරුවන් බව කියයි. 

දිනපතා දරුවන් 740ක් ඒඩ්ස් මගින් ආසාදනයට ලක්වන අතර ඒඩ්ස් හා ඒ ආශ්‍රිත රෝග හේතුවෙන් දෛනිකව 274ක් මියයන බව 2022 දත්ත රුගත් මේ වාර්තාව පෙන්වා දෙයි. මේ වාර්තාවට අනුව ඒඩ්ස් හේතුවෙන් මව හෝ පියා හෝ අහිමිව අසරණ වූ වයස  18ට අඩු දරුවන් මිලියන 13.9ක් සිටියි.

ඒඩ්ස් රෝගය පිළිබඳ අවබෝධය එය වැළැක්වීම සහ ප්‍රතිකාර සඳහා ඇති පහසුකම් තවමත් ලොව බහුතරයකට නොලැබීම නිසා එහි පැතිරීම නිසි පාලනයකට ලක්ව නැති බව මේ වාර්තාව පෙන්වා දෙයි. ඒඩ්ස් පිළිබඳ ලොව ජනතාව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම දෙසැම්බර් 01දා ලෝක ඒඩ්ස් නිවාරණ දිනය ලෙස නම්කර ඇත.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01