2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

අලුත් සැලුන් දොරක්

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 62

සංජීවිකා සමරතුංග I

ආණ්ඩුවෙන් විපක්ෂයට පූට්ටු වෙන්න හදන කිහිප දෙනෙක්ම දැන් විවිධ රඟපෑම් කරමින් විපක්ෂ වේදිකාවේ තැනක් හොයනවලු... 

මේක දැන් සංගීත පුටු තරගයක් වගේය කියලා සමහරු කියන්න පටන් අරන්....

ඒත් විපක්ෂයේ ලොකු ලොක්කො කරපු රහස් කතාබහකදී තමන්ගේ දේශපාලන මන්දිරයේ සැලුන් දොර අරින්නේ කාටද? දොර වහන්නේ කාටද? කියලා අන්තිම තීන්දුවක් අරගත්තලු.... ඒ අනුව ගිය ආණ්ඩුවේත් හිටපු දැඩි මතධාරී වලියට බර මන්ත්‍රීලා දෙතුන්දෙනකුට විපක්ෂයේ දොරටු වහන්න තීන්දු කරලා කියලා ආරංචියි. ඒකට තවත් හේතුවක් වෙන්නෙ එයාලා මෙතෙන්ට ගත්තොත් විපක්ෂයේ සුළු ජාතික ඡන්ද පදනම දෙදරයි කියල තියෙන බයලු.

ඒ ඇරෙන්න ආණ්ඩුවෙන් ආණ්ඩුවට තනතුරු හොයාගෙන යන ඩීල්වලට ප්‍රසිද්ධ එක්තරා ලොක්කෙකුවත් විපක්ෂ වේදිකාවට නංවා නොගන්නා තීන්දුවක් ගත්තලු. එහෙම වුණත් උඩරට පැත්තෙ කටකාරයකුට නම් විපක්ෂයේ දොරවල් ඇරලා මේ දවස්වල ජයටම රහස් කතා කරගෙන යන බව තතු දත් අය කියනවා.