2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

අපනයන ආදායම බසී

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:04 82

සංජීවිකා සමරතුංග I

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සෑහෙන පමණ අඩුවී ඇතැයි මහ බැංකුවේ නවතම ආරංචි මාර්ග සඳහන් කරයි. අවසන් වරට නිකුත් වූ පසුගිය ඔක්තෝබර් මාසයේ විදේශ ආදායම් වාර්තා අනුව ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 898 කි. පසුගිය කාලයේ අපනයන තත්ත්වය යහපත් වූ මාසවල මසකට ඩොලර් මිලියන 1100ක් තරම් ඉහළ ආදායමක් අපනයන අංශයෙන් ශ්‍රී ලංකාවට ලැබුණි.

දේශය විසින් කරන ලද නිරීක්ෂණයේදී අනාවරණය වූයේ මෑතකදී මෙරට අපනයන ආදායම අඩුවෙන්ම ලැබුණේ පසුගිය කොවිඩ් සමයේ රට වසා දැමූ කාලයේ බවයි. ඒ අනුව රට වසා දැමූ 2020 වසරේ ඇතැම් මාසවල අපනයන ආදායම ඩොලර් මිලියන 160ක් දක්වා අඩුවිය. එහෙත් ඉන්පසුව දිගටම ඩොලර් මිලියන දහසක පමණ අපනයන ආදායමක් රටට හිමි විය. 

මෑතකදී රජය හඳුන්වා දුන් විවිධ බදු නිසා ප්‍රධාන පෙළේ අපනයනකරුවන් සිය කර්මාන්ත විදේශ රටවලට ගෙන යාමත් සේවා මුර අඩුකිරීමත් නිසා මෙලෙස අපනයන ආදායම පහත වැටී ඇතැයි අපනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 898ක ආදායම 2022 වසරේ ඔක්තෝබර් මාසයේ අපනයන ආදායම හා සැසඳීමේදී 15% ක පමණ අඩුවීමක් වාර්තා කර ඇත.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01