ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
මෙරට ව්‍යාපාරිකයන්ගෙන් වැඩි පිරිසක් බදු ගෙවීම පැහැර හැර ඇතැයි ද 2023 වසර තුළ රුපියල් බිලියනට වැඩියෙන් ආනයන සිදුකර ඇති ව්‍යාපාරිකයන් 712 දෙනකු අතුරින් 15%ක් ආදායම් බදු ගෙවා නැතැයි ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කමිටුවට කැඳවූ අවස්ථාවේ එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
2022 කොළඹ නගරයේ මිලියන 200 ඉක්මවන නව නිවාස සංකීර්ණ 3202ක් ඉදිවී ඇති අතර ඒ කිසිවකු බදු වාර්තාවලට ඇතුළත් වී නොමැති බවද ඇතැම් වී මෝල් හිමියන්ගේ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ගිණුම්වලට බිලියන 100ක් පමණ බැරවී ඇති නමුදු ඔවුන්ද එකදු රුපියලක් හෝ බදු ගෙවා නොමැති බවද ඔහු සඳහන් කළේය.