සංජීවිකා සමරතුංග I
දියවන්නා කවුන්සිලයේ එක්තරා ප්‍රබල කමිටුවකට අමුතුම පන්නයේ යෝජනාවක් ඇවිල්ලා කියලා ආරංචියි... ඒ විපක්ෂයේ ඉන්න ඌව පළාතෙන් ආපු වලියට බර මන්ත්‍රී කෙනෙක්ගේ මොළේ වෛද්‍ය පරීක්ෂණයක් කළ යුතුයි කියන යෝජනාව.
මීට කලින් උසාවි නියෝගයකින් ගාල්ලේ හිටපු මුතුහෙට්ටිගම මන්ත්‍රීතුමාගේ මොළේ පරීක්ෂා කළා අපට මතකයි. ඊටපස්සේ තමන්ගේ මොළේ හොඳයි කියලා උන්නැහේ රට වටේම කිය කියත් ගියා. ඒත් මෙදා යෝජනාව ආවේ උසාවියෙන් නෙවෙයි. දියවන්නා කවුන්සිලේම ඉන්න විපක්ෂයේම මන්ත්‍රී සයිස් කෙනකුගෙන්. ඒකට හේතුව මේ වලි මන්ත්‍රී හැමතිස්සේම හේතුවක් ඇතුවත් නැතුවත් මැතිසබයේ හැමෝම එක්කම පැටලිලා කොකු දා ගැනීමයි.
කොහොම නමුත් මැතිසබා කමිටුව මේ යෝජනාව ගැන තීන්දුවක් ගැනීමට නියමිත බව ආරංචියි. ඒ තීන්දුව ගත්තට පස්සේ මේ වලි මන්ත්‍රීතුමාවත් අංගොඩ මානසික රෝහලට යවලා මොළේ පරීක්ෂා කරාවි කියලා තතු දත් අය කියන්නෙ හිනා වෙවී.