දේශපාලන වාර්තාකරු I
සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ ගණනාවක් එක්ව ලබන ජනවාරි මාසයේදී ආරම්භ කෙරෙන නව දේශපාලන සන්ධානය සඳහා නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට යෝජනා වී තිබේ.
එහෙත් නව දේශපාලන සන්ධානයේ නායකත්වය ස.ජ.බ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් මහ ලේකම් ධූරය ස.ජ.බ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාටත් හිමිවනු ඇතැයි වාර්තා වෙයි. නායකත්ව මණ්ඩලය පක්ෂ නායකයාගේ සහායට ක්‍රියාත්මක වන සංවිධානයක් බවද සඳහන්ය.
ඒ අතර නව සන්ධානයේ නියෝජ්‍ය නායක තනතුරක් ඇතිකොට එම තනතුර තමන්ට ලබා දෙන ලෙස දකුණු පළාත නියෝජනය කරන එක්තරා මන්ත්‍රීවරයකු (හිටපු ඇමැතිවරයකු) විසින් කරන ලද ඉල්ලීම ස.ජ.බ විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි ද දේශයට වාර්තා වෙයි.