2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

රනිල්ගේ ජනපතිවරණ සටන ලබන මස ඇරඹේ

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 70

දේශපාලන වාර්තාකරු I

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය ජනවාරි මස දෙවැනි සතියේ ආරම්භ කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. එම ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ කළමනාකරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පත්කෙරෙනු ඇති බවත් දැනගන්නට තිබේ
ඊට පෙර සාගල රත්නායක මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයෙන් ඉවත් වනු ඇත. එහෙත් ඔහු දරන ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන උපදේශක ධූරය තවදුරටත් දරනු ඇතැයි ද වාර්තා වෙයි.

ඒ අතර ලබන ජූලි සහ සැප්තැම්බර් මාස අතරතුර ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩ ඇති බවද දේශයට වාර්තා වෙයි.
දැනට ප්‍රකාශ වී ඇති ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා, ජනක රත්නායක, දිලිත් ජයවීර යන මහත්වරුන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වනු ඇති බව දැනගන්නට තිබේ.