2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

තහනම...

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

I සංජීවිකා සමරතුංග

ලංකාවේ ලොකුම ඇමැති අංශෙක මහලේකම් සයිස් මහත්තයෙක් ඊයේ පෙරේදා දවසක පිටරට යන්න කටුනායකට ගියා කියමුකො.

අහස් යානයට නගින්න පැයකට විතර කලින් උන්නැහේගේ ගමන් බලපත්තරේ සීල් කරගන්න දුන්නම ඒක අතට අරන් උඩ බිම බලපු ආගමන නිලධාරියා කිව්වා ''අනේ සර් මේ බලපත්‍රයට රට ගමන් තහනම් කරලා තියෙන්නේ'' කියලා.
''මොකද්ද මේ තහනම.. එහෙම දෙයක් නැහැනේ'' කියලා ලේකම් තැන තර්ක කළත් නිලධාරියා කීවා ''මේකට නම් අනුමැතිය දෙන්න බැහැ'' කියලා

දැන් ජපානයට යන ගුවන් යානය පිටත් වෙන්න තියෙන්නේ මිනිත්තු 40 යි. ඒ පාර මේ ජරමරය ලිහන්න පුළුවන් ආරක්ෂක අංශයේ ලොකුම ලේකම් තැනට රට ගමන තහනම් වෙච්චි ලේකම්තුමා කතා කළා. ආගමන ලොක්කටත් කතා කළා. ඒ කවුරුත් මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න උනන්දු වුණත් වැඩේකරගන්න අමාරු වුණා.

දැන් ගමන යන්න තියෙන්නේ පැය බාගයයි. අන්තිමට මේ ලේකම්තුමා විෂය බාර ඇමැතිට කතා කරලා මේ ජරමරය ගැන ලොකු පැමිණිල්ලක් කළා. ඒ පාර ඇමැති තැන වහාම මේකට මැදිහත් වුණා. පරීක්ෂණයේ තිබිච්ච දෝෂයක් හා වැරදි යෙදුමක් නිසා මේ හුටපටය වුණා කියලා හොයා ගත්තා. ඊටපස්සේ අවසන් මිනිත්තු 5 ඇතුළත මේ ලේකම් තැන වටපිට බලලා පැල්පිට පැත්තෙන් ගමන පිටත් වුණා.

යම් විදිහකට විෂය බාර ලොක්කා මැදිහත්වෙලා ප්‍රශ්නය විසඳුවේ නැත්නම් වැරදි ලෙස රට ගමන් තහනම් කරන්න හදාපු උන්නැහේලාට නවතින්න වෙන්නෙ උසාවියේ කියලා ආරංචියකුත් ලැබුණා.

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01