2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

අල්ලස් දූෂණ නව කොමිසම පත්වෙයි!

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 42

දේශපාලන වාර්තාකරු I

අල්ලස් දූෂණ නව කොමිසම සඳහා කොමසාරිස්වරුන් පත් කිරීමට මේ සතියේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීන්දු කළේය.

ඒ අනුව අල්ලස් දූෂණ කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල - නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර හා මහජන බැංකුවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු වන පී. රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් ජනාධිපති කාර්යාලය වෙත නිර්දේශ කිරීමට තීන්දු කර තිබේ.

දේශයට ලැබුණ නවතම වාර්තා අනුව ලබන ජනවාරි මස මැද සිට නව කොමිෂන් සභාව පත් කිරීමට නියමිතය. පසුගිය සතියේ දේශය වාර්තා කළ ආකාරයට අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතා නව කොමිසමේ සභාපති ධූරයට පත්වීමට නියමිත බවද සඳහන්ය.