2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

නව ආරක්ෂක ලේකම් ජගත් ජයසූරිය?

2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:0094

 ආරක්ෂක වාර්තාකරු I

ජනවාරි මාසයේදී ආරක්ෂක ලේකම් ධූරයේ වෙනසක් සිදුකෙරෙන බවත් වත්මන් ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා වෙනුවට හිටපු යුද හමුදාපතිවරයකු වන ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය ආරක්ෂක ලේකම් ධූරයට පත්කෙරෙනු ඇති බවටත් ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කමල් ගුණරත්න මහතා ආරක්ෂක ලේකම් ධූරයට පත්කෙරුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 බලයට පත්වීමත් සමඟය. ජනරාල් ජගත් ජයසූරිය මහතා වසර 2009 සිට 2013 දක්වා ශ්‍රී ලංකාවේ 20 වැනි යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය නියෝජනය කරන හිටපු හමුදා ප්‍රධානියෙකි.