2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

උසාවි දූෂණ අල්ලන්න කොමිසමෙන් දැලක්

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 26

සංජීවිකා සමරතුංග I

අධිකරණ කාර්යාල ආශ්‍රිතව සිදුකෙරෙන වංචා දූෂණ වැටලීමට අල්ලස් හෝ දූෂණ කොමිසම තීරණය කර තිබේ. දිවයින පුරා ඇති උසාවි කාර්යාල කාර්ය මණ්ඩලවල ඇතැමුන් විසින් සිදු කරන අල්ලස් ගැනීම් හා වෙනත් දූෂණ ක්‍රියාවන් පිළිබඳව පසුගිය මාස කිහිපය තුළ අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි 125ක් පමණ ලැබී තිබුණි.

නඩු ලිපිගොනු සැඟවීම, නඩු වාර්තා අතුරුදන් කිරීම, නඩු වාර්තාවල පිටපත් ලබා දීම, අධිකරණවල ආරක්ෂිතව තබා ඇති විවිධ නඩු භාණ්ඩ හොරකම් කිරීම වැනි විවිධ වැරදි ක්‍රියා සම්බන්ධයෙන් මෙම වැටලීම් සිදු කරන බව අල්ලස් දූෂණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01