2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

වැට් නැති භාණ්ඩ ලැයිස්තුව එළියට

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාI

2024 ජනවාරි 1 දින සිට වැට් බදු රහිත භාණ්ඩ ලැයිස්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ළදරු කිරිපිටි, පාන් පිටි, සුවඳ විලවුන් නොවන ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද නිෂ්පාදන, බොරතෙල්, භූමිතෙල්, ගුවන්යානා ඉන්ධන, ආබාධිත පුද්ගලයන්ට අවශ්‍ය උපකරණ, ජෛව පොහොර, බීජ වර්ග සහ පැළ වර්ග, කුකුළු ආහාර හැර අනෙකුත් සත්ව ආහාර, රෙදිපිළි කර්මාන්තය සඳහා අවශ්‍ය නූල්, අත්යන්ත්‍ර කර්මාන්තය සඳහා අවශ්‍ය ඩයි වර්ග, දේශීයව නිෂ්පාදනය කරන ලද අත්යන්ත්‍ර රෙදිපිළි, ශල්‍යකර්ම සඳහා භාවිත කරන දේශීයව නිෂ්පාදනය කරන ලද ශල්‍ය ගෝස් ආදිය වැට් බද්දෙන් නිදහස්ය.

සේවා අංශයෙන් අධ්‍යාපනික සේවා, විදුලිය සහ බෙදාහැරීම, පොදු මගී ප්‍රවාහන සේවා, ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයකු විසින් භූමදානය සහ ආදාහන කටයුතු සම්බන්ධ සේවා, රෝහල් කාමර ගාස්තු හැර එවැනි සත්කාර සපයන සුදුසුකම් ලත් පුද්ගලයන්, වෛද්‍ය ආයතන හෝ වෘත්තීයමය වශයෙන් සපයනු ලබන සියලුම සෞඛ්‍ය සේවා, වයෝවෘද්ධ සේවා සහ ළමා ආරක්ෂණ සේවා’ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආගමන කවුන්ටරයට ඔබ්බෙන් පිහිටි අවන්හල් සේවා, ඕනෑම ජංගම, තැන්පතු හෝ ඉතුරුම් ගිණුම් කටයුතු, මුදල් හුවමාරු, කිසියම් කොටස් සුරුකුමක, ණය සුරක්ෂිතතාවයක හෝ සහභාගීත්ව සුරක්ෂිතභාවයක හිමිකාරිත්වය නිකුත් කිරීම, හෝ පැවරීම වැනි භාණ්ඩ හා සේවා 45ක් පමණ එම ලැයිස්තුවට ඇතුළත්ය.