2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

ඉන්දීය ලූනු තහනම තවත් මාස 3ක්

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

I  ප්‍රියන්ජන් සුරේෂ ද සිල්වා

දේශීය වෙළෙඳපොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 650 ඉක්මවා තිබේ. ලූනු මිල ඉහළ යෑමට බලපා ඇත්තේ ලොව විශාලතම ලූනු අපනයනකරුවා වන ඉන්දියාව පසුගිය දෙසැම්බර් 8 දා සිට ලොකු ලූනු අපනයනය තහනම් කිරීමට පියවර ගැනීමය. මෙම තහනම 2024 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇතැයි  රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. 

ඉන්දියාවේ ලොකු ලූනු නිෂ්පාදනය පහත වැටීමෙන් පසු මාස ​​තුනක් වැනි කාලයක් තුළ එරට ලූනු මිල දෙගුණයකට වඩා ඉහළ යෑම හේතුවෙන් මිල පාලනය සඳහා මෙම තීරණය ගෙන ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව, නේපාලය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි ඉන්දියාවෙන් ලූනු ආනයනය කළ රටවල ලොකු ලූනු මිල විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත.

මෙරට පාරිභෝගිකයන්ගේ වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 280,000ක් පමණ වේ. මෙරට සාමාන්‍ය ලොකු ලූනු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 125,000ක් පමණ ප්‍රමාණයකි. ඉතිරි අවශ්‍යතාව සපුරා ගන්නේ ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ලූනු ආනයනය කිරීමෙනි. වර්ෂාව, පොහොර හිඟය සහ පොහොර මිල ඉහළ යෑම වැනි විවිධ හේතු මත පසුගිය සමයේ මෙරට ගොවීන් ලොකු ලූනු වගාවෙන් ඉවත් වූ බැවින් 2023 වසරේ ලද අස්වැන්න ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7851ක් දක්වා අඩු විය 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01