I ක්‍රීඩා වාර්තාකරු
2024 දී පැවැත්වෙන අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියට ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් 77 දෙනකු මිලදී ගැනීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 262 ක් වෙන්කර තිබිණි. මෙම මුදල ඉන්දියාවේ අයි.පී.එල්. තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් 10ක් සඳහා ක්‍රීඩකයන් මිලදී ගැනීම සඳහා යොදාගනු ලැබීය.
ශ්‍රී ලංකා මුදලින් නම් ක්‍රීඩකයන් මිලදී ගැනීම සඳහා අයි.පී.එල්. සංවිධායකයන් වෙන්කළ මුදල රුපියල් කෝටි 1021ක් පමණය.
දෙසැම්බර් 19දා ඩුබායිහිදී පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක් සඳහා වැඩිම මුදල් ලංසුව හිමි විය. එය ඉන්දීය රුපියල් කෝටි 24.75කි. ඔහුට පෙර වත්මන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 20.05කට අලෙවි වී තිබිණි.
මෙවර වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනකුද නම්කර තිබිණි. මෙයින් නවක වේගපන්දු යවන්නකු වන නුවන් තුෂාර වැඩිම මුදලකට අලෙවි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා විය. ඔහුට ඉන්දීය රුපියල් කෝටි 4.80ක් හිමි විය. වේග පන්දු යවන ඩිල්ෂාන් මධුශංක රුපියල් කෝටි 4.6කට අලෙවි විය. තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට හිමිවූයේ ඉන්දීය රුපියල් කෝටි 1.5කි.