2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

නව කෝවිඩ් වයිරසයට ගුවන් තොටෙන් වැට බඳින්න - වෛද්‍ය සංගමය

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

චමිදු නිසල් ද සිල්වා I

මේ වන විට ලොව පුරා රටවල් කිහිපයකින් වාර්තා වී ඇති JN.1 නව කොවිඩ් ප්‍රභේදය මෙරට තුළට ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා ගුවන් තොටුපළ වරාය ආශ්‍රිත පරීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා දේශයට පැවසීය.

තවමත් නිල වශයෙන් මෙරට තුළ මෙම නව ප්‍රභේදය වාර්තා වී නැති පසුබිමක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය කමිටුව රුස්වී ලෝක තත්ත්වය සලකා බලමින් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ‘දේශය’ ට සඳහන් කළේය.

කෙසේ වෙතත් නව කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට ලබා දී ඇති එන්නත් සඳහා ප්‍රතිචාර දක්වන බැවින් මහජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවද ඒ මහතා පැවසීය.

මේ දිනවල ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වාර්තා රුල්ලක් වෙමින් ඇති බැවින් පොදුවේ අවදානම් කාණ්ඩවලට අයත් ගැබිණි මව්වරුන්, දිගුකාලීන රෝගවලින් පෙළෙන පිරිස් සහ වයෝවෘද්ධ පුද්ගලයන්, දරුවන් ප්‍රවේශම් වීම වැදගත් බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01