සංජීවිකා සමරතුංග I
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම සඳහා ලෝක බැංකුව විසින් කෘෂිකර්ම අමාත්‍යංශයට වෙන්කරන ලද රුපියල් මිලියන 3640 කින් 85% ක්ම කෘෂිකර්ම අමාත්‍යංශයට ලබා නොදී අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කර දී තිබේ. එම නිසා ලෝක බැංකු ආහාර සුරක්ෂිතතා වැඩසටහන අකර්මණ්‍යව ඇතැයි පසුගියදා නිකුත් කරන ලද රාජ්‍ය ගිණුම්කාරක සභාවේ නවතම වාර්තාව පෙන්වා දෙයි.
වැඩිදුරටත් කරුණු දක්වන ගිණුම් කාරක සභා (කෝපා) වාර්තාවෙහි දැක්වෙන්නේ රටේ ආහාර සුරක්ෂිතතාව ඇතිකරන්නට ලෝක බැංකුව සැපයූ රුපියල් මිලියන 3640 න් කෘෂිකර්මයට ලබා දී ඇත්තේ රුපියල් මිලියන 264ක් තරම් සුළු මුදලක් බවය. එය සමස්ත ප්‍රතිපාදනවලින් 6% ක් බව කෝපා වාර්තාව වැඩිදුරටත් කියයි. ඒ අතර ලෝක බැංකු ව්‍යාපෘති කළමනාකරණ අංශය වාර්තා කර ඇත්තේ මෙලෙස අධ්‍යාපන අමාත්‍යංශයට ලැබුණු ලෝක බැංකු අරමුදල් පාසල් දරුවන්ගේ දිවා ආහාර සැපයුමට යොදාගත් බවය.