I කුසුම්සිරි විජයවර්ධන
ජනවාරි පළමුවැනිදා සිට මුද්‍රිත පොත්වලට වැට් අයකරන නිසා වැට් ලියාපදිංචි සමාගම්වලින් අලෙවි කරන සියලු පොත් මිල සියයට 18කින් ඉහළ නගී. වැට් ලියාපදිංචි නැති සමාගම්වල පොත්වල මිලට වැට් බද්ද එකතු නොවේ.
වැට් බද්දට ලියාපදිංචි නැති සමාගමක පොතක මිල රු. 1000ක් වෙද්දී එම පොතම වැට් බද්දට ලියාපංදිචි සමාගමක් අලෙවි කළ යුත්තේ රු. 1180කට බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර දේශයට පැවසීය. මෙසේ එකම පොතකට මිල දෙකක් නියමවීමෙන් පොත් ප්‍රකාශකයන්ට සහ පාඨකයන්ට ගැටලු රුසක් පැන නගින බව ඔහු කීවේය.
මේ නිසා ප්‍රකාශන කර්මාන්තයේ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති අතර පසුගිය කාලයේ තුන් ගුණයක් පොත් මිල ඉහළ යාමෙන් බැටකන පාඨකයා වැට් බද්ද නිසා තවත් අසරණ වන බවත් සමන්ත ඉන්දීවර පැවසුවේය. ඉන්දියාව ඇතුළු සාක් කලාපයේ කිසිම රටක බුද්ධිමය දේපළ ගණයට අයත් වන පොත්වලින් වැට් අය නොකරන බව පැවසූ සභාපතිවරයා මේ ගැටලුව ගැන රජය සමඟ සාකච්ඡා කළත් තවමත් සතුටුදායක පිළිතුරක් ලැබී නැති බව ප්‍රකාශ කළේය. ඔහු පවසන්නේ පොතක් නිෂ්පාදනයේදී යොදාගන්නා කඩදාසි සහ මුද්‍රණ තීන්ත ආදියට වැට් අයකරන නිසා යළිත් පොත්වලට වැට් අයකිරීම ඉතා අසාධාරණ බව බවයි. මේ කරුණ ගැන ජාත්‍යන්තර ප්‍රකාශකයන්ගේ සංගමයටත් දන්වා තිබෙන බවත් මෙය බුද්ධියට ගැසූ බද්දක් බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.