2024 ජනවාරි 06 වන සෙනසුරාදා

අයි.එම්.එෆ්. ඩොලර් මිලියන 330 ලංකාවට එයි

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 53

දේශපාලන වාර්තාකරු I

නිදහස් කිරීම මාස 3ක් ප්‍රමාද වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දෙවැනි ණය වාරිකය මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී ඇති බව මහ බැංකු ආරංචි මාර්ග පවසයි. මෙම ණය මුදල අප රටට නිදහස් කළ යුතු බව මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ණය අනුමත කිරීමේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ_වර් මහතා මෙයට සති තුනකට පමණ පෙර ප්‍රකාශ කළේය. එහෙත් ඊට මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවූයේ ප්‍රමාදවය.

ඒ රුස්වීමෙන් පසුව දෙවැනි ණය වාරිකය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදල ශ්‍රී ලංකාවට ලැබිණ. මේ දිනවල ඩොලරය අවප්‍රමාණය වී රුපියල ශක්තිමත් වීමට බලපා ඇත්තේ ද මෙම මුදල රටට හිමිවීම බව මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01