සුගත් පී කුලතුංගආරච්චිI
දරුවන්ට සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා (MMR) අතිරේක එන්නත් වටයක් ලබාදීම සඳහා රට පුරා සායන 1600ක් ස්ථාපිත කරන අතර ජනවාරි මස 6 දින සිට මාස 6ත් - 9ත් අතර දරුවන් සරම්ප එන්නත් කිරීම සඳහා යොමුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.
රට පුරා දිස්ත්‍රික්ක 9ක් ආවරණය වනසේ එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව කොළඹ, (කොළඹ නගර සභා ප්‍රදේශය ඇතුළුව) ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ අම්පාර දිස්ත්‍රික්කවල පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාල ප්‍රධානත්වයෙන් එන්නත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.
2019 දී රටින් තුරන් කළ සරම්ප රෝගී තත්ත්වය මෑතක සිට රට තුළ නැවත ඉහළ යාමත් සමග මේ වැඩපිළිවෙළ ඇරුඹී ඇත. COVID-19 වසංගතය හේතුවෙන් ප්‍රතිශක්තිකරණය පසුබෑමකට ලක්ව ඇති බවත් එය සරම්ප නැවත මතුවීමට හේතු වන්නට ඇති බවත් සෞඛ්‍ය ලේකම් මහීපාල මහතා පෙන්වා දී ඇත.