ආරක්ෂක වාර්තාකරු I
ගෙවී ගිය 2023 වසරේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය පෞද්ගලික මුදලින් රුපියල් පහළොස් කෝටි විසිතුන් ලක්ෂයකට වැඩි මුදලක් අගතියට පත් පාර්ශ්වවලට වන්දි වශයෙන් ගෙවන ලෙස මෙරට ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරීන් 20 දෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. මෙම කෝටි 15 කට වැඩි වන්දි මුදල නියම කර ඇත්තේ ප්‍රකට නඩු 8ක් විභාග කිරීමෙන් අනතුරුවය.
පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රුසක් මෙම 20 දෙනා අතරට අයත්ය. මෙම කෝටි 15ක වන්දි මුදලට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වවලට රුපියල් තිස් දෙලක්ෂ පනස් දහසක් (32,50000) වන්දි ලෙස නියම කර තිබිණි. පොලිස් නිලධාරීන් විසින් පෞද්ගලිකව වන්දි ගෙවිය යුතු බවට කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව වැඩිම වන්දියක් ගෙවන ලෙස නියම වූයේ හිටපු පොලිස්පතිවරයකු වන පූජිත ජයසුන්දර හා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනටයි. පාස්කු ප්‍රහාර නඩුවේදී මෙම දෙදෙනා විසින් ගෙවිය යුතු බවට නියම වූ වන්දිය රුපියල් කෝටි 15 කි.