I දේශපාලන වාර්තාකරු
රුපියල් දස කෝටියකට වඩා වටිනා 'ඉමියුනෝග්ලොබියුලින්' නම් වූ ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් තවත් ප්‍රබල චරිත දෙකක් අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙයින් එක් ප්‍රධාන චරිතයක් සෞඛ්‍ය අමාත්‍යංශය් ඉහළම තනතුරක් දැරෑවකු වන අතර අනෙක් තැනැත්තා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානම චරිතයක් බව දේශයට වාර්තා වෙයි.
දැනට ඒ අය සම්බන්ධව කරන ලද පරීක්ෂණවලදී මෙම බෙහෙත් වංචාව පිළිබඳ මේ දෙදෙනාගේ සබඳතාව තහවුරු වන සාක්ෂි ලැබී ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. ඒ අනුව අද හෙටම අදාළ ප්‍රබලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්ය.